hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 මාර්තු 31, ප.ව. 1:16



ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් “පැල්” අඩු කිරීමට රජය පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

මාර්තු මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 10ක් වූ පැල් බද්ද සියයට 6 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව‍, ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන සිමෙන්ති, ඇපල් ඇතුළු පලතුරු වර්ග කිහිපයක්, සහ ළදරු කිරි ආහාර සඳහා අයකළ අදාළ බද්ද සියයට 6 දක්වා අඩු කර ඇති බවයි පැවසෙන්නේ.

ඊට අමතරව පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය, රෙදිපිළි සඳහා වන අමුද්‍රව්‍ය, වාහන අමතර කොටස්, යතුරුපැදි සහ පාපැදි අමතර කොටස් සඳහා ද වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද ද සියයට 10 සිට සියයට 6 දක්වා අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඖෂධ වර්ග, ශල්‍ය උපකරණ, විද්‍යුත් උපකරණ, නාන කාමර උපකරණ, පොලිතින් හා ප්ලාස්ටික්, ඇලුමිනියම් සහ ලී භාණ්ඩ සඳහා අයකරනු ලබන බදු ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: