hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජූලි 31, ප.ව. 4:36



කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් පිටරටින් ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවා.

පසුගිය 27 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම පිළිබඳ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කුකුළු මස් වෙළෙඳපොළේ පවතින අධික මිලගණන් හේතුවෙන් ඇතිවී තිබෙන ජනතා පීඩාව අවම කිරීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම තීරණය මගින්ද කුකුළු මස් වෙළෙඳපොළේ මිල පාලනයක් සිදුනොවුනහොත් ඉදිරියේදී පරිභෝජනයට අවශ්‍ය කුකුළුමස් ආනයනයට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවැසුවා.

එසේම ඉදිරියේදී නිෂ්පාදනය වැඩිකිරීම හරහා රටේ ජනතාවට දරාගත හැකි මිලකට කුකුළු මස්  සහ බිත්තර ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටද එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කෘෂිකර්ම බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

කුකුළු පැටවුන් වැඩි වශයෙන් බිහි කිරීම සඳහා අවශ්‍ය මව් සතුන් පිටරටින් ආනයනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: