hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 මැයි 12, ප.ව. 12:02



සමෘද්ධි බැංකුව ඈවර කරන බවට සති අන්ත ජාතික පුවත්පතක සඳහන් කර තිබූ ප්‍රවෘත්තිය පිළිබඳ අද(12) පාර්ලිමේන්තුවේදී මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා අදහස් පළ කළා.

ඇමතිවරයා සඳහන් කළේ සමෘද්ධි බැංකු වසාදැමීමට, ඈවර කිරීමකට රජයේ කිසිදු අදහසක් නොමැති බවයි.

තහවුරු කර නොගත් තොරතුරු මත ප්‍රවෘත්ති නිර්මාණය කිරීම පිළිගත නොහැකි බවත් මෙම බැංකු ප්‍රතිව්‍යුහගතකිරීමක් සිදුකර සහනාධාර ලබාදීම නිවැරදි පිලිවෙතකට අනුව සිදුකරන බවත් ඇමතිවරයා කියා සිටියා.

සමෘද්ධි බැංකුවේ තිබෙන අරමුදල්, කිසිදු ඉතුරුම් වලට කිසිදු හානියක් නොවන බවයි ඔහු අවධාරණය කළේ.

සමෘද්ධි බැංකුවේ සංචිත අරමුදල් වලට කිසිදු බලපෑමක් ඇතිවන ආකාරයට කටයුතු නොකරන බවත් ස්වාධීනත්වය සහ විනිවිද භාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: