2024 ජූලි 24, ප.ව. 6:21
වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහල දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පහත සඳහන් භාණ්ඩවල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතුට ඇලවිසල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට හෙට (25) දින සිට ලබාගත හැකියි.
මිල පහළට දැමූ භාණ්ඩවල නව මිල පහතින්,
සතොස කිරිපිටි 400g පැකට්ටුවක පැවති මිල රුපියල් 950ක් වු අතර නව මිල රුපියල් 910කි.
මුං ඇට කිලෝවක පැවති මිල රුපියල් 998ක් වූ අතර නව මිල රුපියල් 965කි.
හාල්මැස්සන් කිලෝවක පැවති මිල රුපියල් 978 වූ අතර නවමිල රුපියල් 950කි.
ඉන්දියානු ලොකු ලුණු කිලෝවක පැවති මිල රුපියල් 305ක් වූ අතර නව මිල රුපියල් 285කි.
කඩල කිලෝවක පැවති මිල රුපියල් 455ක වූ අතර නව මිල රුපියල් 444කි.
පාන් පිටි කිලෝවක පැවති මිල රුපියල් 190 ක් වූ අතර නව මිල රුපියල් 185කි.
සුදු සීනි කිලෝවක පැවති මිල රුපියල් 263ක් වූ අතර නව මිල රුපියල් 258කි.
සුදු කැකුළු සහල් කිලෝවක පැවති මිල රුපියල් 204 ක් වූ අතර නවමිල රුපියල්199කි.
පාකිස්ථාන ලොකු ලුණු කිලෝවක මිල රුපියල 190ක් වූ අතර නව මිල රුපියල් 185කි.
2025 දෙසැම්‍බර් 21, ප.ව. 4:54
2025 දෙසැම්‍බර් 18, ප.ව. 4:59
2025 දෙසැම්‍බර් 18, ප.ව. 3:18
2025 දෙසැම්‍බර් 17, ප.ව. 12:21
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:07
22-12-25
22-12-25
22-12-25
22-12-25
21-12-25
21-12-25
21-12-25
21-12-25
21-12-25
21-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25