hit counter

2026 ඔක්‍තෝබර් මස 02 වන සිකුරාදා

2024 මාර්තු 15, පෙ.ව. 10:32



උඩරට හා පහතරට එළවළු වර්ග රැසක මිල අඩු වීමක් මේ වන විට දක්නට ලැබෙන බව වාර්තා වනවා.

රට පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන රැසක බෝංචි තොග මිල ඊයේ රුපියල් 300ට අඩු මට්ටමක පැවති බවයි පැවසෙන්නේ.

පසුගිය කාලයේ අහස උසට ගිය කැරට් මිලද මේ වන විට පවතින්නේ රුපියල් 450 වඩා අඩු අගයකයි.

ලීක්ස් මිල ද රුපියල් 150ත් 250 ත් අතර අඩු අගයක සටහන් වී තිබුණා.

කෙසේ වෙතත් නුවරඑළියේ ගෝවා කිලෝග්‍රෑමයක තොග මිල පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සටහන් වුණේ රුපියල් 480 ක අගයකයි.

එහි ආනයනික ලොකු ළුෑණු තොග මිල රුපියල් 450 ත් 480 අතර අගයක සටහන්ව ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: