hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2023 ජූලි 31, පෙ.ව. 12:05



යළි මෙරටට වාහන ආනයනය කළ හැකි වන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඉදිරියේදී හෝ මෙරටට වාහන ආනයනය කිරීමට අවශ්‍ය නම් මේ මොහොතේ ඒ සඳහා ප්‍රතිපත්ති සැලසුමක් සැකසිය යුතු බවයි එම සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චි මහතා පැවසුවේ. 

වාහන ආනයනයේදී විශාල විදෙස් මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ගලා ගියේ රටට නොගැලපෙන වාහන ආනයනය කිරීම හේතුවෙන් බවයි ඔහු පෙන්වා දුන්නේ.

එම වරද ඉදිරියේදී නිවැරදි කර ගැනීමට බලධාරීන් වගබලා ගත යුතු බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: