hit counter

2024 මැයි මස 12 වන ඉරිදා

2024 අප්‍රේල් 28, ප.ව. 2:13



වසර 4ක් පුරා මෙරට පනවා තිබූ වාහන ආනයනය තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය සැළසුම් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව 2025 වසර මුලදී වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නැවත ආරම්භ කිරීමට වාහන ආනයනය කිරීම් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුව විසින් උපදෙස් ලබා දී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද නිර්දේශ කර තිබුනේ රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීම සඳහා වාහන ආනයන සීමා ඉවත් කළ යුතු බවටයි.

කෙසේ වෙතත් මේ සදහා වත්මන් ජනාධිපති සහ මූදල් ඇමති රනිල් වික්‍රමසිංහ විසින් අවසන් අනුමැතිය ලබාදිය යුතු බව සඳහන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: