2026 ජූලි 23, පෙ.ව. 12:18
වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ වාහන ලීසිං වාරික නිසි කලට ගෙවා ගැනීමට නොහැකිව බොහෝ දෙනෙක් දැඩි පීඩනයකට ලක්ව සිටිති. වාරික කිහිපයක් පමාවූ සැනින් ලීසිං සමාගම් විසින් ක්ෂණිකව වාහනය පවරා ගනීවි යැයි පවතින බිය ඉන් ප්‍රධාන වේ.
නමුදු, ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව, ලීසිං ගිවිසුමක් අවලංගු කිරීමට හෝ වාහනයක් පවරා ගැනීමට පෙර ලීසිං සමාගමක් විසින් අනුගමනය කළ යුතු අනිවාර්ය ව්‍යවස්ථාපිත පියවරයන් පවතින බව ඔබ දන්නවාද?
මේ සම්බන්ධයෙන් පවතින ප්‍රධානතම නීතිමය ප්‍රතිපාදන ඇතුළත් වන්නේ 2000 අංක 56 දරන Finance Leasing පනතේ 20 සහ 21 වන වගන්තිවලයි. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක් (S.C. CHC. Appeal No. 19/2022) ඇසුරින් මෙම වගන්ති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අප විමසා බලමු.
21 වන වගන්තිය: අනිවාර්ය පූර්ව දැනුම්දීමේ නොතීසිය (Statutory Notice) ලීසිං පනතේ 21 (1) වගන්තිය ප්‍රකාරව, වාරික නොගෙවීම වැනි බරපතල ගිවිසුම් කඩකිරීමකදී, ගිවිසුම අවලංගු කිරීමට හෝ සම්පූර්ණ හිඟ මුදල් එකවර ඉල්ලා සිටීමට ප්‍රථම ලීසිං සමාගම විසින් ලීසිං ලාභියා වෙත ලියාපදිංචි තැපෑලෙන් විශේෂ නොතීසියක් එවිය යුතුය.
එම නොතීසියේ පහත කරුණු අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුය.
* පැහැදිලිව වැරැද්ද පෙන්වා දීම: ගිවිසුම කඩවීමට හේතු වූ කරුණු (උදාහරණයක් ලෙස පැහැර හරින ලද මාසික වාරික පිළිබඳ විස්තර) එහි නිශ්චිතව සඳහන් කළ යුතුය.
* කාලය ලබා දීම: එම පැහැර හැරීම සකස් කර ගැනීමට (හිඟ මුදල් ගෙවීමට) නොතීසිය ලැබුණු දින සිට අවම වශයෙන් දින 7 ක කාලයක් ලබා දිය යුතුය. 20 වන වගන්තිය: ගිවිසුම අවසන් කිරීම සහ වාහනය පවරා ගැනීම පනතේ 20 වන වගන්තිය ක්‍රියාත්මක වන්නේ ඉහත සඳහන් කළ 21 වන වගන්තියේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසුව පමණි.
21 වන වගන්තිය යටතේ ලබා දුන් නිශ්චිත කාලය ඇතුළත ලීසිංලාභියා හිඟ මුදල් පියවීමට අපොහොසත් වුවහොත් හෝ ඒ සඳහා සාධාරණ හේතුවක් ඉදිරිපත් නොකළහොත් පමණක් ලීසිං සමාගමට
: 1. ලීසිං ගිවිසුම අවසන් කිරීමට
2. වාහනයේ සන්තකය නැවත ලබා ගැනීමට (Repossession)
3. සිදුවූ අලාභයන් අය කර ගැනීමට නීතිමය පියවර ගත හැකිය.
2026 ජූලි 23, පෙ.ව. 12:19
2026 ජූලි 23, පෙ.ව. 12:18
2026 ජූලි 23, පෙ.ව. 12:17
2026 ජූලි 23, පෙ.ව. 12:16
2026 ජූලි 23, පෙ.ව. 12:15
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26