hit counter

2025 අප්‍රේල් මස 07 වන සඳුදා

2023 මාර්තු 18, ප.ව. 4:42



කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය නතර කිරිමට උත්සහ කල පුද්ගලයෙකු එම දුම්රියේ ගැටි බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත අද (18) ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසුවා.

අද (18) පස්වරු 1.00ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර, හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදියි.

මීට සිව්දිනකට ප්‍රථම නිවසේ ඇති වුවේ යැයි කියන ආරවුලක් හේතුවෙන් උරන වු තුවාලකරු අධික ලෙස බිමත්ව දුම්රිය මාර්ගයේ මැදට වි ධාවනය වෙමින් තිබු දුම්රිය නතර කිරිමට උත්සහ කල අවස්තාවේ 41 හැවිරිදි පුද්ගලයා දුම්රියේ ගැටි විසි වි බරපතල ලෙස තුවාල ලබා ඇති බවත්, තුවාලකරු එම දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් භාර දිමට එම දුම්රියේ ආරක්ෂක අංශයේ නිලධාරින් පියවර ගෙන තිබුණා.

දුම්රිය ගැටි තුවාල ලැබු පුද්ගලයා හැටන් දික්ඔය පොඩයිස් වතුයායේ පදිංචිකරුවෙකු බවයි හැටන් පොලිසිය විසින් කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

හැටන් – රංජිත් රාජපක්ෂ