hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2023 අගෝස්‍තු 02, ප.ව. 2:02



කොළඹ සිට අනුරාධපුර දෙසට ගමන් ගන්නා බස් රථයක් හා ෆයිම් මුවර් රථයක් තුල්හිරිය ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තවත් දොළොස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව වරකාපොල පොලිසිය කියයි.

තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය සඳහන් කරයි.

අද පෙරවරු 10:30 ට පමණ මෙම අනතුර වී ඇති අතර බස් රථය සිමෙන්ති පටවාගත් ප්‍රයිම් මූවර් රථයේ ගැටීමත් සමගම බස් රථය පෙරළී ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූවන් වරකාපොල රෝහල වෙත ඇතුළත් කර ඇත.

බස්රථ රියදුරු ගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී තිබෙනවා.

වරකපොල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.