hit counter

2026 ජූලි මස 03 වන සිකුරාදා

2023 ජූනි 01, ප.ව. 4:07



ටෙලි නාට්‍ය කිහිපයක රඟපාන නළුවකු හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 400යි මිලිග්‍රෑම් 400ක් සමඟ මාතර කොටවිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර වැලිගම මිරිස්ස නගරයේදී අත්අඩංගුවට පත්වූ මෙම රංගන ශිල්පියා කොටවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 5000ක දඩයක් නියම කරනු ලැබුවා.

පොලිසියට ලද බුද්ධි තොරතුරක් මත මෙම රංගන ශිල්පියා අත්අඩංගුවට ගත් බව කොටවිල පොලිසිය සඳහන් කළා.

එහි වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමීර මධුෂාන්ගේ උපදෙස් මත කොටවිල පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක මධුසංඛ සහ උප පොලිස් පරීක්ෂක අනුර හේවාපතිරන, සැරයන් සමරතුංග (28422), කොස්තාපල්සු ගීෂ්වර (482428) විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.