hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 අප්‍රේල් 14, පෙ.ව. 9:21



බදුල්ල, කැන්දගොල්ල, යොදුන් උල්පතහි පදිංචි වයස අවුරුදු 19ක තරුණයෙක් අද (12) සවස ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයාගත් බව කහටරුප්ප පොලීසිය ඒෂියන් මිරර් වෙත පැවසුවා.

මෙසේ මියගොස් ඇත්තේ ආර්.එම්.පසිදු මහේෂ් චානක නැමති අයෙක්.

නිවස ආසන්නයේ ලදු කැලෑවක ගසක අත්තක යෙදූ ලණුවක එල්ලී මරණය සිදු කරගෙන ඇති බවට මූලික පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර පරීක්ෂණ බදුල්ල හා කහටරුප්ප යන පොලිස් ස්ථාන වලින් සිදු කෙරෙනවා.

(බදුල්ල – ජයලත් දිසානායක)