hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 24, පෙ.ව. 11:00



තංගල්ල සංචාරක හෝටලයක් තුළ ගෙල වැළ ලාගෙන මිය ගිය බවට සැක කෙරෙන තරුණ යුවළකගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, එම හෝටලේ ම සේවයේ නිරත තරුණයෙකු සහ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි තරුණියක් බව යි පොලිසිය සඳහන් කළේ.

අදාළ තරුණයා පසුගිය 22 වනදා රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් මෙම තරුණිය හෝටලය වෙත රැගෙන විත් තිබෙනවා.

ඔවුන් ඊයේ රාත්‍රියේ මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බවට යි මූලික පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ.