hit counter

2025 දෙසැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2023 ජූලි 12, ප.ව. 12:34



වන අලි ප්‍රහාරයකින් අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ ගෙවියෙකු මියයෑමේ සිද්දියක් සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිසිය පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.

 මෙසේ වන අලි ප්‍රහාරයෙන්  මියගොස් ඇත්තේ අම්බලන්තොට කොග්ගල්ල දකුණු කඩවර ප්‍රදේශයේ පදිංචි එම් ඩි.සෝමපාල නමැති වයස වුරුදු 58ක් පමණ වන අවිවාහක පුද්ගලයෙකු වෙනවා.

පසුගිය 11 වනදා රාත්‍රී 11.00ට පමණ තම ගොවිපොළට අයත් වාඩියේ සිට නිවසට යමින් සිටියදී මෙම පුද්ගලයා වන අලි ප්‍රහාරයට ලක්වී තිබෙනවා.

ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කර සිටින්නේ තම ප්‍රදේශයට නිරන්තරයෙන් වන අලින්ගෙන් පිඩා ඇති වුවත් ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවන බවයි.