hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2023 ජූලි 13, ප.ව. 12:02



රබොට්ටුකුලම, ගල්ගමුව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 16 ක් වන එච්.එම්.හෂාන් තිවංක දිසානායක නැමැති පාසල් සිසුවා ඊයේ (12) සවස දිය නෑම සඳහා රබොට්ටුකුලම වැවට ⁣ගොස් නැවත නිවසට නොපැමිණීම නිසා ඔහුගේ පියා වැව වෙත ගොස් සොයා බැලු අවස්ථාවේ වැවෙහි සොරොව්ව අසලදී තිවංකගේ⁣ දේහය හමු වී තිබෙනවා.

ඒවන විටත් ඔහු මියගොස් සිටියත් දේහය ගල්ගමුව මුලික රෝහල වෙත ගෙන ගොස් ඇති අතර තිවංකගේ හිසෙහි හා එක් පාදයක තුවාල සිදු වී තිබීම නිසා මරණය සිදුවී ඇත්තෙ දියේ ගිලිමෙන්ද යන්න තවමත් නීශ්චිතව තහවුරු කල නොහැකි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (13) සිදු කිරීමට නියමිතයි.