hit counter

2026 ජනවාරි මස 07 වන බදාදා

2023 ජූලි 21, ප.ව. 2:58



බිළිඳියකගේ සහ මවකගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැළෑවක තිබියදී සොයාගෙන තිබෙනවා.

 පසුගියදා අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ අතුරුදන්වූ බව කියූ 24 හැවිරිදි එක්දරු මවගේ සහ මාස 11ක් පමණ වයසැති ඇයගේ බිළිඳියගේ සිරුරු එලෙස හමුවී ඇති බවයි, පොලීසිය සැකකරන්නේ.

අද (21) එම සිරුරු නිවසට මීටර් 500ක් පමණ ඈතින් වූ කැළෑ ප්‍රදේශයක තිබියදී ප්‍රදේශවාසීන් හා පොලීසිය විසින් සිරුරු සොයාගෙන තිබෙනවා.

සිරුරු දෙකට සතුන් දැඩි ලෙස හානි සිදුකර ඇති බවද වාර්තා වෙනවා.

සිඟිත්තිය සමඟ ඇය අතුරුදන්ව ඇති බවට පසුගියදා අඟුරුවාතොට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම කාන්තාවගේ ඥාති සොහොයුරකු පොලිස් භාරයට ගෙන පරීක්ෂණ පැවැත්වුණා.

පොලිස් විමර්ශනවලදී කාන්තාවගේ නිවසේ මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් ද නිරීක්ෂණය වී තිබුණා.

අතුරුදන් වූ වාසනා කුමාරි, 24 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය සිය 11 හැවිරිදි සිඟිත්තිය ද සමග පසුගිය 18 වනදා පස්වරුවේ සිට අතුරුදන්වී ඇති බව පවසමින් ඇයගේ සැමියා අඟුරුවාතොට පොලීසියට එලෙස පැමිණිල්ලක් සිදුකර තිබුණා.