hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2023 අගෝස්‍තු 03, ප.ව. 5:49



එප්පාවල පොලිස් වසමේ සඳරැස්ගම ප්‍රදේශයේදී  නිවසක් තුළ 24 හැවිරිදි තරුණයකු ගෙල වැලලාගෙන සියදිවි නසා ගෙන ඇතැයි එප්පාවල පොලීසිය පවසනවා.

මෙලෙස සිය දිවි නසා ගෙන ඇත්තේ තුසිත සම්පත් බංඩාර නම් 24 හැවිරිදි තරුණයෙක්.

ඔහු ගාල්ල ප්‍රදේශයේ රැකියා ස්ථානයේ සිට එප්පාවල පිහිටි ඔහුගේ නිවසට පැමිණ මෙලෙස ඊයේ (02)  සියදිවි නසාගෙන ඇත.

නිවසේ කිසිවකුත් ඒ අවස්ථාවේ රැදී සිට නැති අතර පස්වරු 12. 00 ට ආසන්න වේලාවකදී ඔහු සියදිවි නසා ගන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

නිවසේ කාමරයක් තුළ ලනුවක ආධාරයෙන් ඔහු ගෙල වැලලාගෙන ඇත.

අසල නිවසක කාන්තාවක් ඔහු ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන ඇති බවට කළ දැනුම්දීමක් මත ප්‍රදේශවාසීන් පොලීසියට මේ පිළිබඳව දැනුම්වත්කර තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි සිය සොයුරා සමඟ බහින් බස් වී  මොහු සිය දිවි නසා ගෙන ඇති බවටයි පොලීසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස සියදිවි නසාගත් තරුණයාගේ  සොයුරන් තිදෙනකු හා සොයුරියකද මීට පෙර සියදිවි නසා ගෙන ඇතැයි පොලීසිය අනාවරණය කර ගෙන ඇති අතර, ඒ අනුව එම පවුලේ පස්වැන්නා ලෙස මොහු සියදිවි හානි කර ගෙන ඇත.

මීට වසර කීපයකට පෙර ඔහුගේ සොයුරෙකු හා සොයුරියක තලාව ප්‍රදේශයේදී දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බවත්, මෙම තරුණයා සියදිවි නසාගත් නිවස පිහිටි ගෙවත්තේ අඹ ගසක ගෙල වැලලාගෙන තවත් සොයුරෙකු සියදිවි නසා ගෙන ඇති බවත්, මෙම තරුණයා ගෙල වැළලාගත් කාමරයේම ඔහුගේ සොයුරෙකු සිය දිවි නසා ගෙන ඇති බවටත් පොලීසියට අනාවරණය වී ඇත.

ඒ අනුව එම පවුලේ සොයුරු සොයුරියන් 07 දෙනෙකුගෙන් පස් දෙනෙකුම වරින් වර   සියදිවි නසා ගෙන ඇතැයි වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය විමර්ශණ සිදු කරනවා.