hit counter

2025 පෙබරවාරි මස 26 වන බදාදා

2023 දෙසැම්‍බර් 07, ප.ව. 2:45



ග්‍රෑන්ඩ්පාස්, වික්ටෝරියා පාලම මතින් කැලණි ගඟට වැටුණු බව කියන පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර දෙහිවල ඕබන් පෙදෙසේ වෙරළ තීරයට ගොඩ ගසා තිබිය දී දින 07කට පසු පෙරේදා (06) හමු වූ බව දෙහිවල පොලීසිය සඳහන් කළා.

පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනුයුක්ත රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයෙකුයි මෙලෙස මිය ගොස් ඇත්තේ.

ඔහු බොරලැස්ගමුව, දිවුල්පිටිය ප්‍රදේශයේ පදිංචි ව සිටි අයෙක්.

සැරයන්වරයා ගඟට වැටුණු බව කියන ස්ථානයේ තිබී කුඩා ජංගම දුරකථනයක් පොලිස් රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ලද රිසිට්පතක් හා බස් ගමන් බලපත්‍රයක් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය, සොයාගෙන තිබෙනවා.

සැරයන්වරයා ඉකුත් 29 වැනිදා නිවසින් පිට ව ගොස් ඇති බව වාර්තා වෙනවා.