hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 10, ප.ව. 5:09



නෙළුව, ඇඹලෙගෙදර වත්ත ප්‍රදේශයේ දී කුඩා දරුවෙක් සැඩ පහරකට ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අට හැවිරිදි වියේ පසු වූ පිරිමි දරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (09) පස්වරුවේ මවක් සිය දරුවන් තිදෙනා සමඟ කුඩා ඇළ මාර්ගයකින් එගොඩවීමට යාමේ දී එක් දරුවෙක් සැඩ පහරකට ගසාගෙන ගොස් මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

පසුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසියේ දී මියගිය දරුවාගේ මෘත ශරීරය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.