hit counter

2025 අප්‍රේල් මස 07 වන සඳුදා

2023 ජනවාරි 25, ප.ව. 12:33



සිව්දරු මවක සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගෙන ඇති බවත් , ගින්න නිවීමට ගිය සැමියාද පිලිස්සීම් තුවාල ලබා අද පස්වරුවේ රෝහල් ගතකර ඇති බවත් බේරුවල පොලිසිය පවසනවා.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ බේරුවල සමත් මාවතේ පදිංචි 28 සහ 24 දී ඇති අඹුසැමි යුවළක් බව පොලිසිය සඳහන් කළා.

දෙදෙනා අතර පවුල් ආරවුලක් පැවත ඇති බවත්, ඒ හේතුවෙන් ඊයේ (24) පස්වරුවේ කතාබහක් සිදුව බිරිඳ නිවසේ ප්ලාස්ටික් කෑන් එකක තිබූ භූමිතෙල් සිරුරට හලාගෙන බිරිඳ ගිනි තබා ගෙන ඇතැයි පොලිසිය කියා සිටියා.

ඇයගේ සිරුර ගිනි ගනිද්දී ස්වාමි පුරුෂයා ගින්න නිවා දැමීමට උත්සහ දැරීමේදී ඔහුද පිලිස්සීම් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

දෙදෙනාම කළුතර තීක්ෂණ ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, බිරිඳගේ තත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් පරිදි, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ගයාන් ක්‍රිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.