hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 ජනවාරි 24, පෙ.ව. 11:22



තංගල්ල සංචාරක හෝටලයක් තුළ ගෙල වැළ ලාගෙන මිය ගිය බවට සැක කෙරෙන තරුණ යුවළකගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, එම හෝටලේ ම සේවයේ නිරත තරුණයෙකු සහ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි තරුණියක් බව යි පොලිසිය සඳහන් කළේ.

අදාළ තරුණයා පසුගිය 22 වනදා රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් මෙම තරුණිය හෝටලය වෙත රැගෙන විත් තිබෙනවා.

මියගිය තරුණිය සමඟ ඔහු ප්‍රේම සබදතාවක් පවත්වා ඇති අතර මිය යාමට පෙර ඔවුන් දෙදෙනා ලියන ලද ලිපියක් ද කාමරය තුළ තිබී සොයා ගැනුණා.

එහි දක්වා ඇත්තේ, තරුණයාට උප්පැන්න සහතිකයක් නොමැති වීම නිසා විවාහයට බාධා පැවතීම මත දෙදෙනාගේ කැමැත්තෙන් සියදිවි හානි කරගන්නා බව යි.