hit counter

2024 නොවැම්‍බර් මස 27 වන බදාදා

2023 මැයි 17, ප.ව. 9:12



වැලිකඩ පොලීසිය තුළ ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර රෝගාතුරවූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

ඇයගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ කාන්තාව මියගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා.

වැලිකඩ පොලිස් බලප්‍රදේශයේ පදිංචි ප්‍රකට ටෙලි නාට්‍ය නිෂ්පාදකවරියකගේ නිවසෙහි රත්‍රං භාණ්ඩ සොරගත් බවට ලැබුණු පැමිණිල්ලක් මත එම නිවසෙහි මෙහෙකාර කාන්තාව වැලිකඩ පොලීසිය මගින් පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ, එම කාන්තාව වෙනත් නිවසක සේවය කරමින් සිටියදීයි.

අනතුරුව ඇයගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතරතුර ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලීසිය සැකකාරියව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

එහිදී එම කාන්තාව මියගොස් තිබෙනවා.

42 හැවිරිදි තිදරු මවක් වන අදාළ කාන්තාව ආර්. රාජ්කුමාරි නම් බදුල්ල දෙමෝදර ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ඇයගේ සැමියා චෝදනා කරන්නේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් තම බිරිඳ මියගොස් ඇති බවයි.

මේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Example Image