hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2023 මැයි 01, පෙ.ව. 4:38



ජාත්‍යන්තර රතු වරෙන්තු සහිතව සිටි ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන අමල් චමින්ද සිල්වා නොහොත් කුඩු අංජු ප්‍රංශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ද කුඩු අංජු අත්අඩංගුවට ගෙන ඇති බවට තහවුරු කළා.

පෞද්ගලික ආරවුලක් මත කුඩු රජුගේ බිරිඳ ප්‍රංශ ආරක්ෂක අංශ වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ පසුගිය වකවානුව පුරාම විදෙස්ගතව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල කල්ලි මෙහෙයවමින් කුඩු අංජු කටයුතු කර තිබෙන බවයි.