hit counter

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 08, පෙ.ව. 10:40



බේරුවල ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී සමිත කවිරත්න මහතාගේ බිරිද පිහිපහරවල් කිහිපයකට ලක්ව ඊයේ (07) රෝහල් ගතකර ඇතැයි බේරුවල පොලිසිය පවසනවා.

බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ ඇය විසින් පවත්වාගෙන යන කිරි අලෙවි සැලක් තුලදී පහරකැමට ලක්ව ඇතැයි පොලිසිය සඳහන් කළා.

සිද්ධිය වූ සැනින් ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් පිහිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුයි.

පහරදීමට හේතුව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් බව පොලිසිය සදහන් කළා.

පහරකැමට ලක්වූ මන්ත්‍රී බිරිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසුවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.