hit counter

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 30, ප.ව. 12:15



යාපනය, පන්නෙයි මාර්ගයේ පිහිටි පොලිස් මුරපොළකට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය එක් පුද්ගලයකු පෙරේදා (28) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මාර්ගයේ පිහිටි දේව රූපයක් සම්බන්ධයෙන් විශාල  මතභේදයක් හට ගැනීමත් සමඟම එම ස්ථානයේ පොලිස් මුරපොළක් පිහිටුවීමට පොලිසිය පියවර ගෙන තිබූ අතර ප්‍රහාරය එල්ල වී ඇත්තේ එම මුරපොළටයි.

පොලිස් මුරපොළට එල්ල වූ ප්‍රහාරය නිසා එහි වීදුරුවලට හා ආවරණවලට හානි සිදුව තිබූ අතර එම ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට එක් අයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් යාපනය පොලිසිය  ප්‍රශ්න කරගෙන යයි.