hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2024 ඔක්‍තෝබර් 28, ප.ව. 12:00



සිරියාවේ අල්-තන්ෆ් ඇමරිකානු කඳවුරෙහි ඉරිදා රාත්‍රියේ පිපිරීම් හඬ ඇසුණ බව ඉරාක මාධ්‍ය සමහරක් වාර්තා කර තිබෙනවා.

මේ පිළිබඳ නිල වශයෙන් මෙතෙක් කිසිවක් සඳහන් වී නැහැ.

ඉරාක සහ ජෝර්දාන් දේශසීමාවන්ට ආසන්නව සිරියාවේ හොම්ස් පළාතේ මෙම කඳවුර පිහිටා තිබෙනවා.

එමෙන්ම දෙයර් එස්-සෝර් පළාතේ අල්-ඔමර් තෙල් ළිං අසළ ඇමරිකන් කඳවුර දෙසින් ද පිපිරීම් කිහිපයක් ඉරිදා දිනයේ වාර්තා වූයේ යැයි ඉරාන මාධ්‍ය වාර්තා කියා සිටියා. මේ පිළිබඳව ද නිල වශයෙන් තහවුරු කිරීමක් මෙතෙක් සිදුව නැහැ.

සිරියාවේ තෙල් ළිං අසළ ඇමරිකන් සෙබළුන් රැඳී සිටින අතර සිරියාව පවසන්නේ තම තෙල් සම්පත ඔවුන් විසින් කොල්ලකන බවයි.