hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:11



ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලය වෙත එල්ල වූ දරුණු ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වීම පිළිබඳ වගකීම බාර ගන්නා බව එරට අභ්‍යන්තර බුද්ධි සේවය වන ශින් බෙට් හි ප්‍රධානී රොනෙන් බාර් ප්‍රකාශ කළා.

මේ පිළිබඳ අදහස් දක්වන බුද්ධි ප්‍රධානියා කියා සිටියේ තමන් බුද්ධි තොරතුරු රැස් කළ ද එම ප්‍රහාරය වළක්වාගැනීමට හැකි වන සේ තොරතුරු අනාවරණය කරගන්නට නොහැකි වූ බවයි.

ආයතන ප්‍රධානියා ලෙස එහි වගකීම තමන් භාරගන්නා බව පැවසූ ඔහු, මේ අවස්ථාව එළඹ ඇත්තේ සටන් කිරීමට බවත්, සිදුවූ වරද පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම පසුවට සිදුවනු ඇති බවත් කියා සිටියා.

හමාස් ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට ඊශ්‍රායල බුද්ධි අංශ සහ සන්නද්ධ හමුදා අපොහොසත්වීම පිළිබඳ එරට ජනතාව එදින සිටම​ ප්‍රශ්න නගනවා.