hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 නොවැම්‍බර් 17, ප.ව. 10:04



මියන්මාරයේ කයාහ් (Kayah) ප්‍රාන්තයේ අගනුවර වන ලොයිකව් හි විශ්වවිද්‍යාලය අල්ලාගන්නට පසුගියදා කරෙන්නි ජාතිකයන්ගේ ආරක්ෂක බලකාය (Karenni Nationalities Defence Force) ඇතුළු කැරලිකාර සංවිධාන සමත් වුණා.

එහි කඳවුරු බැඳගෙන සිටි මියන්මාර් හමුදා සාමාජිකයන් 110 දෙනකු සටන්වලින් මියගිය බවයි කැරලිකරුවන් පවසන්නේ.

එමෙන්ම හමුදාව ඉවත්වෙද්දී එහි රැඳී සිටි සරසවි කාර්යය මණ්ඩලය ගලවාගත් බව ද කැරලිකරුවන් පැවසුවා. නමුත් රජයට පක්ෂ පිරිස් පවසන්නේ ඔවුන්ව කැරලිකරුවන් විසින් පැහැරගෙන ඇති බවයි.

කෙසේ වෙතත් සරසවිය අල්ලාගත් සමහර පැරණි සිසුන් ආපසු සිය පන්තිකාමර වෙත ගොස් සිටින බව දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබෙනවා.

මේ අතර අද දින ලොයිකව් දිස්ත්‍රික් අධිකරණ ගොඩනැගිල්ල අල්ලාගත් කැරලිකරුවන් එයට ගිනිතබා තිබෙනවා.

නගරවාසීන් කඩිමුඩියේ නගරය අතැර පළා යමින් සිටින බවයි වාර්තා වන්නේ. ඔවුන් සටන් උග්‍ර අතට හැරේ යයි ද මියන්මාර් ගුවන් හමුදාව නගරයට බෝම්බ ප්‍රහාර එල්ල කරනු ඇතැයි ද බියව සිටිනවා.

ලොයිකව් නගරය අල්ලාගතහොත් එය කැරලිකරුවන් විසින් මෙම වසරේ ඇරඹූ ප්‍රහාර මාලාවේදී අල්ලාගත් පළමු ප්‍රාන්ත අගනුවර වනු ඇති.

ලොයිකව් සිට මියන්මාරයේ අගනුවර වන නයිපිටෝ වෙත කිලෝමීටර් 200 ක් තිබෙනවා.