hit counter

2025 මාර්තු මස 28 වන සිකුරාදා

2025 මාර්තු 24, ප.ව. 7:01



පාකිස්ථාන බලධාරීන් විසින් බලෝචිස්ථානයේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන දොස්තර මහරංග් බලෝච් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

බලෝචිස්ථානයේ සිදුවන බව කියන අතුරුදහන්වීම්වලට එරෙහිව ඇය කලක් තිස්සේ සමාජ ව්‍යාපාරයක් ගෙන යන අතර එම ව්‍යාපාරයට බලෝච් ජනතාවගේ විශාල සහයෝගයක් ලැබෙනවා.

බලෝචිස්ථානයේ කලක පටන් බෙදුම්වාදී ව්‍යාපාරයක් පවතින අතර එය මර්ධනය සඳහා පාකිස්ථාන සන්නද්ධ හමුදා උත්සාහ කරමින් සිටිනවා. පාකිස්ථාන බලධාරීන් පවසන්නේ තමන් පුද්ගලයන් අතුරුදහන් නොකරන බවයි. අතුරුදහන් වූයේ යැයි පැවසෙන පුද්ගලයන් බෙදුම්වාදී ව්‍යාපාරයට එක්වීමට ගොස් ඇතැයි බලධාරීන් කියා සිටිනවා.