2023 අගෝස්‍තු 27, පෙ.ව. 10:05
නිජර් රාජ්‍යයෙහි හමුදා පාලනය සිය සන්නද්ධ අංශ සීරුවෙන් තැබීමට පියවර ගෙන තිබෙනවා. බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාව (ECOWAS) වෙතින් එල්ල විය හැකි මිලිටරි මැදිහත්වීමක ඉඩකඩ වැඩිවීම මෙයට හේතුව බවයි එරට බලධාරීන් පවසන්නේ.
කෙසේ වෙතත් ECOWAS සංවිධානය තමන් විසින් නිජර් වෙත කඩිනම් හමුදා මැදිහත්වීමක් කරන්නට සැරසෙන්නේය යන චෝදනාව ප්‍රතික්ෂේප කළා. ECOWAS කොමිසමේ සභාපති ඔමාර් අලියු ටූරේ සඳහන් කළේ තමන් නිජර් ජනතාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමක් සිදුකර හෝ ඒ සඳහා සූදානමක් හෝ නොමැති බවයි. තමන් දිගටම රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මෙම ප්‍රශ්නය විසඳාගන්නට උත්සාහ කරන බවයි ECOWAS සංවිධානය පවසන්නේ.
ECOWAS සංවිධානය ඉල්ලා සිටින්නේ හිටපු ජනාධිපති මොහොමඩ් බසූම් යළි ධුරයෙහි පිහිටුවන ලෙසයි. මේ අතර ප්‍රංශය, ඇමරිකාව ආදී රටවල් නිජර් හි හමුදා පාලනය පිළිගැනීම ප්‍රතික් ෂේප කරනවා. ප්‍රංශ තානාපතිවරයාට රටින් පිටවන ලෙස හමුදා පාලනය විසින් ලබාදුන් නියෝගය ද භාරගත නොහැකි බව ප්‍රංශය මීට ප්‍රථම සඳහන් කර තිබුණා.