2026 ජූලි 12, ප.ව. 3:10
කටාර් රාජ්‍යයෙහි සංවර්ධනයෙහි නියමුවා ලෙස සැලකෙන හිටපු එමීර් හමාඩ් බින් කලීෆා අල් තානි අද උදෑසන මියගිය බව එරට විසින් නිවේදනය කෙරුණා.
හිටපු එමීර් කලීෆා බින් හමාඩ් අල් තානිගේ පුත්‍රයකු වූ හමාඩ් 1995 දී මාළිගා කුමන්ත්‍රණයක් මගින් ස්වකීය පියාගෙන් බලය පැහැරගත්තා.
එමීර් හමාඩ්ගේ පාලන කාලය තුළ කටාර් හි ස්වභාවික වායු නිෂ්පාදනය වැඩිදියුණු කෙරුණ අතර 2006 වනවිට එරට ලෝකයේ විශාලම LNG අපනයනකරු බවට පත්වුණා.
අධ්‍යාපන සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ කෙරෙහි ද අවධානය යොමුකළ ඔහු 2004 දි කටාර් වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමට මෙන්ම කාන්තාවන්ට ද ඒවා විවෘත කිරීමට ද කටයුතු කළා.
හමාඩ් බින් කලීෆා අල් තානි 2013 දී සිහසුනෙන් ඉවත් වෙමින් ස්වකීය දෙවැනි බිරිඳගේ පුත්‍රයකු වන තමීම් බින් හමාඩ් අල් තානි වෙත බලය පවරා දීමට කටයුතු කළා.
කලාපීය අර්බුද විසඳීම කෙරෙහි මැදිහත් වීමට හමාඩ් ක්‍රියාකාරීව උත්සුක වූ අතර අරාබි වසන්තය අවස්ථාවේ ඊජිප්තුවේ, ලිබියාවේ සා සිරියාවේ ජනතාව වෙත සහය පළ කෙරෙන ආකාරයේ ප්‍රතිපත්ති අනුගමනය කළා. එම අවස්ථාවේදී බලය අතැර යන ලෙස ඔහු විසින් සිරියානු නායක බශාර් අල් අසාද්ට උපදෙස් දුන් බව ප්‍රකට කරුණක්.
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24
2026 ජූලි 21, ප.ව. 8:10