hit counter

2026 ජූලි මස 21 වන අඟහරුවාදා

2026 ජූලි 21, ප.ව. 8:10



බ්‍රිතාන්‍යයෙහි අගමැති ලෙස ඇන්ඩි බර්නම් ඊයේ නිල වශයෙන් පත්වුණා. ඒ කියර් ස්ටාමර්ගේ ඉල්ලා අස්වීමත් සමගයි.

ලේබර් පක්ෂය තුළින් කියර් ස්ටාමර්ට ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වෙමින් තිබුණු අතර පසුගියදා පැවති මේකර්ෆීල්ඩ් අතුරු මැතිවරණයෙන් බර්නම් ජයගැනීමත් සමග එම ඉල්ලීම් දැඩි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ස්ටාමර් නොබෝදා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළා.

බර්නම් තරගයකින් තොරවම ලේබර් නායකයා ලෙස පත් වූ අතර දැන් ඔහු අගමැති බවට පත්ව තිබෙනවා.

බර්නම් විසින් ස්වකීය ආණ්ඩුවේ චාන්සලර් හෙවත් මුදල් ඇමති ලෙස ජෝන් හීලි පත්කර තිබෙනවා. විදේශ ලේකම් ලෙස පත්ව ඇත්තේ එඩ් මිලිබෑන් ඩ් වන අතර ශබානා මහමුඩ් දිගටම ස්වදේශ ලේකම් ධුරය දරනවා. එමෙන්ම ආරක්ෂක ලේකම් ධුරය හිමිව ඇත්තේ වෙස් ස්ට්‍රීටිං වෙත වීම විශේෂත්වයක්. වෙස් ස්ට්‍රීටිං මීට කලකට පෙර ස්ටාමර්ට නායකත්වය සඳහා අභියෝග කරනු ඇතැයි ප්‍රබල රාවයක් පැවතියා.

එමෙන්ම ස්ටාමර් යටතේ නියෝජ්‍ය අගමැති සහ චාන්සලර් ලෙස කටයුතු කළ ඩේවිඩ් ලැමීට නව කැබිනට් මණ්ඩලයෙහි ඇමති ධුරයක් හිමිව නැහැ.