hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 19, පෙ.ව. 2:35



ඛනිජතෙල් ආනයනය කිරිම සදහා ඩොලර් සපයා ගැනිමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය සපයා ගැනිමේ අර්බුදයකට ලක්ව තිබියදි ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් අධ්‍යක්ෂක මණ්ඩල තිරණයට පටහැනිව බෙදුම්කරුවන් සදහා ඉකුත් දින 50ක (2022 ජුලි 26 සිට සැප්තැම්බර් 15) කාලය තුල දි රුපියල් මිලියන 6,500කට අධික කොමිස් මුදලක් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

එමෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ බෙදුම්කරුවන්ට දෛනිකව ලබාදෙන ඛනිජතෙල් සැපයුම තුනෙන් දෙකක මට්ටමකට සීමාකර තිබුණා. මේ නිසා අධ්‍යක්ෂක මණ්ඩලයේ තිරණයට අනුව 2022 ජුලි මස  26 දිනට බෙදුම්කරුවන්ට  ගෙවිය යුතු නියමිත කොමිස් මුදල රුපියල් මිලියන 30.7ක්. 

එහෙත් අධ්‍යක්ෂක මණ්ඩලයේ තිරණය නොසලකා රුපියල් මිලියන 98.6ක් බෙදුම්කරුවන්ට ගෙවිම හේතුවෙන් එක්දිනක් තුල ගෙවනු ලැබු වැඩිපුර කොමිස් මුදල රුපියල් මිලියන 67.9ක්. එදින සිට මාසයක් තුල වැඩිපුර ගෙවා තිබු කොමිස් මුදල රුපියල් මිලියන 1960 ක් බවද විගණන වාර්තාවේ සදහන්. දෛනික ඛනිජතෙල් සැපයුම් සීමාකොට තිබියදි පවා ඉහළ සිමාව නොසලකා බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගෙවා තිබුණා. 

මේ නිසා වසරකට ගෙවියයුතු කොමිස් මුදල රුපියල් මිලියන 24,444ක්. ඒ අනුව වැඩිපුර ගෙවිමට සිදුවන කොමිස් මුදල සංස්ථාවේ සේවකයින් සදහා ගෙවනු ලබන අතිකාල දිමනා, ප්‍රසාද දිමනා හා වෙනත් සියලු දිමනා සමස්ථ සේවක පිරිවැය මෙන් හතර ගුණයකට අධික බව විගණනය මගින් අනාවරණය කොට ඇත.  මෙකි මුදලින් වසරකදි නව ඉන්ධන පිරවුම්හල් 400 ක් (ඉඩම් හැර) ඉදිකිරිමට හැකි බවද විගණන වාර්තාවේ සදහන්.

බෙදුම්කරුවන් සදහා කොමිස් මුදල් වැඩිපුර ගෙවිම මත ඛනිජතෙල් පාරිභෝගිකයින්ට ඔවුන් විසින් පාරිභෝජනය කරණු ලබන සැම 92 වර්ගයේ ඔක්ටෙන් පෙට්‍රල් ලිටරයක් සදහා රුපියල් 8.64ක මුදලක් ගෙවිමට සිදුවනු ඇත. 95 වර්ගයේ පෙට්‍රල් ලිටරයක් සදහා ගෙවිමට සිදුවන මුදල රුපියල් 11.10කි. ඩිසල් ලිටර් 01ක් සදහා (LAD) රුපියල් 9.27ක මුදලක්ද, LSD ඩිසල් ලිටරයක් සදහා රුපියල් 10.95ක වැඩිපුර මුදලක් පාරිභෝගිකයින්ට ගෙවිමට සිදුවන බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම ඉකුත් වර්ෂයේ දි (2021) තෝරාගත් අලෙවි නියෝජිතයින් 05 දෙනෙකු සදහා අතිරේක කොමිස් මුදලක් ගෙවමින්  ඉන්ධන බෙදාහැරිම හේතුවෙන් රුපියල් මිලියන 132.453ක අතිරේක කොමිස් මුදලක් ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වනවා.

ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් තෝරාගත් අලෙවි නියෝජිතයින්ට අදාළ කොමිස් මුදල් ලබාදි සෘජුවම පාරිභෝගිකයින් වෙත ඉන්ධන බේදාහැරිමේ ක්‍රමවේදයක් 2008 වර්ෂයේ සිට ක්‍රියාත්මක කොට තිබුණා. සංස්ථාවට සෘජුවම පාරිභෝගිකයින් වෙත ඉන්ධන අලෙවි කිරිමේ හැකියාව තිබියදි නියෝජිතයින්ට අතිරේක කොමිස් මුදලක් ගෙවමින් මෙවැනි ඉන්ධන බෙදාහැරිමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිමේ පදනම විගණනයට ද පැහැදිල නොමැති බව විගණන වාර්තාවේ සදහන්.

අධ්‍යක්ෂක මණ්ඩල තිරණයට අනුව 2019 වර්ෂයේ දි ඛනිජතෙල්වල දේශිය වෙළදපොළේ මිල උච්ඡාවචනයන්ගේ බලපැම් මත ඉහළ සහ පහළ සිමාවන්ට යටත්ව බේදුම්කරුවන් සදහා ගෙවනු ලබන කොමිස් ප්‍රතිශතය තිරණය කර තිබුණා. 

විනිමය හිගය හේතුවෙන් ඇති වි තිබෙන ආර්ථික අර්බුදය හමුවේ දේශිය ඛනිජතෙල් නිෂ්පාදනවල මිල ගණන් සිඝ්‍රයෙන්  ඉහල ගොස් තිබුණා.

එහෙත් සංස්ථාවේ සභාපතිවරයා විසින් අධ්‍යක්ෂක මණ්ඩලයේ  අනුමැතියට යටත්ව ඉහළ සිමාවන් නොසලකා (upper  cap) බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගෙවිමට කටයුතු කරතිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා. ඒ සදහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනිමට කටයුතු කර නොතිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: