2023 සැප්‍තැම්‍බර් 18, ප.ව. 4:22
මෙම වසර අවසානයේ ලංකා විදුලි බල මණ්ඩල විසින් සිය විදුලි ගාස්තු නැවත වතාවක් ඉහළ දැමීමට කටයුතු කිරීමට සිදුවන බවද ඉංජිනේරුවන් කියා සිටිනවා.
මෙම වසරේ දී විදුලි ගාස්තුව දෙවතාවක දී ම ඉහළ දමා ඇති බවත් මෙම වසර අවසානයේ රුපියල් කෝටි 5000 ක අධික පාඩුව පියවා ගැනීමට නම් ජනවාරි මාසයේදී නැවතත් විදුලි ගාස්තු වැඩි කිරීම සිදු කළ යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා.
පුද්ගලික බලාගාර හා තාප විදුලි බලාගාරවලින් විදුලිය ලබා ලබාගෙන අඛණ්ඩව විදුලිය ලබා දීම සඳහා කටයුතු කිරීම මත විදුලිබල මණ්ඩලය මෙසේ පාඩු ලබමින් සිටින බව ද ඉංජිනේරුවන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළ විදුලි ගාස්තු ඉහල නොදැම්මත් ජනවාරි මාසයේදී විදුලි ගාස්තුව වැඩි කිරීමට අනිවාර්යෙන්ම සිදුවනු ඇති බවද ඔවුන් තවදුරටත් කියා සිටිනවා.
2026 අප්‍රේල් 28, ප.ව. 3:26
2026 අප්‍රේල් 28, ප.ව. 12:52
2026 අප්‍රේල් 28, ප.ව. 12:26
2026 අප්‍රේල් 28, පෙ.ව. 11:34
2026 අප්‍රේල් 28, පෙ.ව. 10:13