hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 28, ප.ව. 2:24



පවතින ඉන්ධන ගැටළුවට හේතුවෙන් ලබන 29 සහ 30 යන දින වල සියළුම රාජකාරි කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇති බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා,

“මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු අතුරු වෛද්‍ය සේවයට අයත් වෘත්තීන් 08 ක් මෙම දෙදින සියළුම රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. පසුගිය දිනවල රජය විසින් නිවේදනය කලා සිකුරාදා දිනයේදී සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සදහා ඉන්ධන නිකුත් කරන බව. ඒ සදහාද දිස්ත්‍රික්ක වලට වෙන් කර ඇත්තේ ඉන්ධන පිරවුම්හල් කීපයක් පමණයි. එසේ වෙන් කර ඇති ඉන්ධන පිරවුම් හල් බොහෝමයකට පසුගිය සිකුරා දිනය තුළ ඉන්ධන ලැබී තිබුනේ නෑ. මෙම තත්ත්වය හේතුවෙන් ඉන්ධන තිබෙන වෙනත් දිනවලදී ඉන්ධන ලබා ගැනීමටද සෞඛ්‍ය අංශ වලට හැකියාවක් ලැබුනේ නෑ.

මෙම තත්ත්වය හේතුවෙන් 29 සහ 30 යන දිනවල සියළුම රාජකාරි කටයුතු වලින් ඉවත් වීමට අපි තීරණය කර තිබෙනවා. එන්නත් ලබා දීම්, සායන කටයුතු ඇතුළු සියළුම කටයුතු මෙම දිනවල අඩාල වනවා.

වෙනත් රජයේ සේවයකින්ට නිවෙස් වල සිට රාජකාරි කිරීමට රජය අවසර ලබා දී තිබෙනවා. නමුත් සෞඛ්‍ය සේවකයින්ට ඒ ආකාරයට නිවසේ සිට රාජකාරි කටයුතු කිරීම අපහසු කරුණක්. පවතින තත්ත්වයට රජය කඩිනමින් පියරක් නොගතහොත් එළඹෙන සදුදා සිට දීපව්‍යප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමටද අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ තීරණය කර තිබෙනවා.” යනුවෙන් පැවසීයී.

ඒම වීඩියෝව පහතින්,

https://youtu.be/vTq8xKhQSHA




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: