hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 03, පෙ.ව. 12:33



ධාවනයෙන් ඉවත්කර ඇති දුම්රිය මැදිරි පිළිබඳ ප්‍රවාහන අමාත්‍යවරයා තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ධාවනයෙන් ඉවත්කර ඇති වසර 25කට වැඩි ආනයනික රුමේනියන් දුම්රිය මැදිරි 250 ක් කඩිනමින් අලුත්වැඩියා කොට ධාවනයට යොදා ගැනීමටයි.

ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන මෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඊයේ (02) දෙමටගොඩ දුම්රිය මැදිරි අළුත්වැඩියා කිරීම සඳහා ස්ථාපිත කර ඇති තන්ත්‍රී (Tantri)  සමාගම් අංගනයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු දුම්රිය බලධාරීන්ට මෙලෙස උපදෙස් ලබා දී තිබුණා. 

නව දුම්රිය මැදිරියක් ආනයනය කිරීම සඳහා රු.මිලියන 200 ක් පමණ වැයවනවා. නමුත් දුම්රිය මැදිරි අලුත් වැඩියා කිරීම සඳහා දෙමටගොඩ ස්ථාපිත කර ඇති තන්ත්‍රී (Tantri) සමාගමෙන් මැදිරියක් අළුත්වැඩියා කිරීම සඳහා වැයවන්නේ රුපියල් මිලියන 20ක් පමණයි.

මේ වන විටත් එම සමාගම මඟින් රුමේනියන් දුම්රිය මැදිරි හා බලවේග කට්ටල මැදිරි 200 ක් අලුත් වැඩියා කොට ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා භාරදී තිබෙනවා.

ඉන්ධන අර්බුධයත් සමඟ වැඩි මගී ප්‍රමාණයක් දුම්රියෙන් ප්‍රවාහන කටයුතු සලසා ගැනීමට යොමු වී ඇති බැවින් වැඩි මැදිරි ප්‍රමාණයක් ධාවනයට යෙදවිය යුතු බව අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා අවධාරණය කරනවා.