hit counter

2026 ජූනි මස 27 වන සෙනසුරාදා

2026 ජූනි 28, පෙ.ව. 12:11



වත්මන් රජය සිදුකරන මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙහෙයුම පෙර රජයන් සිදුකළ ආකාරයේ රඟපෑමක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

“ගෝලීය ව්‍යසනයක් හැටියට අපේ රටත් මුහුණ දීලා තියෙන බරපතල ව්‍යසනයක් හැටියට මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්ද්‍රව්‍ය ජාවාරම අප හඳුනාගෙන තියෙනවා. සමාජයක් විදිහට මේ ව්‍යසනයේ තව අඩියක්වත් අපි ඉදිරියට යා යුතු නැහැ.

මොන අභියෝග ආවත් මේ ගමන අප ආපසු හරවන්න සූදානම් නැහැ. අතීතයේ මෙන් මේ මත්ද්‍රව්‍යවලට එරෙහිව සංවිධානාත්මකව කරන මෙහෙයුම් රංගනයක් බවට පත් නොවී සැබෑ ලෙසම මේ භූමියේ, අනාගත පරපුර මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමේ සැබෑවටම යථාර්තවාදී වැඩපිළිවෙළක් මේ වෙනකොට අපි දියත් කරලා තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: