hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 06, ප.ව. 4:03



කොල්ලුපිටිය – ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි වටරවුම ආසන්නයේදී ශ්‍රී ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් 05 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 07 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේ.

මියගිය පුද්ගලයින් පස් දෙනාම රෝහලට රැගෙන එන අවස්ථාව වනවිටත් ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

කොළඹ සිට මතුගම බලා ධාවනය වූ මතුගම ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයකුයි මෙලෙස අද අලුයම අනතුරට ලක්වුණේ.

අනතුර හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගයේ හටගත් මාර්ග තදබදය තවදුරටත් පවතින බවයි වාර්තා වන්නේ.

ඒ වෙනකන් ගස් ගල්වලට කවි සී පද ලියූ බොහෝමයක් උන් දැන් ඇස් අරින්න පටන් අරන් තියනවා.

මේ මොහොතෙත් අනතුරුදායක ගස් වහා ඉවත්කරන්න වග කිව යුත්තන් උපදෙස් දීලා තියනවා.

සිද්දිය ගැන ඇසින් දුටුවන් මෙසේ කිව්වා,

‘සද්දයක් ඇහුණා, අපි හිතුවේ ඇක්සිඩන්ට් එකක් කියලා. හුළඟක්වත් තිබ්බේ නෑ. නිකන්ම තමයි ගහ කඩන් වැටුණේ. අට දෙනෙක් සම්පූර්ණයෙන් හිරවෙලා හිටියා….’ 

‘මේ ගහ ඇලවෙලා තිබුණේ.. කවුරුත් බැලුවේ නෑනේ මේක…’

බස් රථයේ රියදුරු මහතා ප්‍රකාශ කරලා තියෙන්නෙ බස්රථයේ අනතුර යන්තම් ඇස ගැටුණා වුණත් ඒ ක්ෂණික ප්‍රහාරය වළක්වන්න තරම් කාලයක් නැතිවුණා කියලයි.

කොන්දොස්තරවරයා කිව්වේ මෙවැනි කතාවක්,

‘මම බැලුවා කණ්ඩියෙන්, එතකොට ඇලවෙනවා මෙහෙම. ටිකට් 26ක් කැඩුවා. තව 10ක් හිටියා. හෝල්ට් එකේ විනාඩියක්වත් හිටියේ නෑ…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: