hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2024 ජනවාරි 04, ප.ව. 3:44



දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට බද්දේගම අතර ලොරියක් සහ වෑන් රියක් ගැටී සිදු වූ රිය අනතරකින් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 සහ 32 හැවිරිදි වියේ පසුවන එකම පවුලේ මවක් සහ දියණියක්.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අනතුරින් මියගොස් සිටින මව අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ ඔවුන් පදිංචි සිය නිවස වෙත රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.