2024 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:35
අද (10) උදෑසන 09.00 ට පමණ බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ පිවිසුම අසල අධික බෑවුමත් සහිත පහළ වංඟුව ප්‍රදේශයේදී යුද හමුදාවට අයත් ප්‍රයිම් මුවර් රථයක් තවත් ආපදා රථයක් ප්‍රවාහනය කරමින් තිබියදී හදිසියේම බෑවුමේදී තිරිංග අක්‍රීය වීම හේතුවෙන් අනතුරක් සිදුව තිබේ.
මෙලෙස රථය පාලනයෙන් ගිලිහීගොස් ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ගැටීමෙන් මාර්ගයේ ඉවතට පැන පසෙකින් ඇති වේල්ලෙහි ගැටීමෙන් නතරව තිබේ.
සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු ලැබුණි .
මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්වුයේ , මහියංගණය 06/කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි . බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු හසලක ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වැඩිදුරටත් සදහන් වේ.








2026 අප්‍රේල් 29, ප.ව. 5:40
2026 අප්‍රේල් 29, ප.ව. 1:23
2026 අප්‍රේල් 29, පෙ.ව. 11:14
2026 අප්‍රේල් 29, පෙ.ව. 11:11
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:38