2026 මැයි 14, ප.ව. 5:32
මල්වානේ පිහිටි ඉඩම සහ නිවස ඇතුලු දේපොළ විශ්වවිද්‍යාල ඇතුළු පොදුජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (14) විරෝධතා ක්‍රියාමාර්ගයක නිරත විය.
ආණ්ඩුව බලයට පැමිණීමේදී ‘ජනතාවගෙන් සොරකම් කළ දේපොළ ජනතාවට යළි පවරන බවට වූ පොරොන්දුව’ මතක් කරමින් ඔවුන් මෙම විරෝධතා ක්‍රියාමාර්ගයේ නිරතව ඇත.
අදාළ දේපොළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදුජන පරිහරණය සඳහා පවරන ලෙස එහිදී ඔවුන් ඉල්ලා සිටියි.
අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක මෙම නිවස ඉදිකර ඇති අතර ඊට හිමිකරුවෙකු නොමැති වීම හේතුවෙන් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබුණි.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13