hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2022 මැයි 25, ප.ව. 9:47



වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන් සහ සෞඛ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනාව ඇතුළු සියලු දීමනා ලබා දීම මේ මාසයේ සිට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවකයින් අද උදෑසන අධ්‍යක්ෂක කාර්යාලය වටලා තිබෙනවා.

එහිදී ඔවුන් කියා සිටියේ සිය ඉල්ලීම් සඳහා අද දිනයේදී විසඳුම් ලබා නොදුනහොත් හෙට සිට සියලු සෞඛ්‍ය සේවකයින් සේවයට වාර්තා නොකරන බවයි.

විරෝධතාකරුවන්ගේ දැඩි ඉල්ලීම මත රෝහල් අධ්‍යක්ෂකවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ දැරුවද එම උත්සාහය ව්‍යර්ථ වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් දැනුවත් කළද නිසි විසදුම් ලබා ගැනීමට හැකි වී නැහැ.