hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 28, පෙ.ව. 2:12



ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයන්හි නිවාස මිලදී ගත් අයගෙන් ආදායම් බදු අය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

දැනට එම නිවාස සංකීර්ණයන්හි නිවෙස් මිලට ගෙන ඇති සහ පදිංචිව සිටින සියලු පුද්ගලයන් පිළිබඳ තොරතුරු සපයන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩබ්ලිව්.එන්.ඒ. විජේසූරිය මහතා විසින් නිවාස සංකීර්ණ කළමනාකරණ සමාගම් වෙත දැනුම් දී ඇත්තේ නිවාස සංකීර්ණවල නිවෙස් මිලට ගෙන ඇති පුද්ගලයන් හා ඒවායේ පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සපයන ලෙසයි.

කෙසේ වෙතත් එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ දේශීය ආදායම් පනතේ වගන්ති අංක 123(1) ප්‍රකාරව තමන්ට හිමි වී ඇති බලතල අනුව මෙම ලිඛිත ඉල්ලීම අදාළ ආයතනවලට යොමුකර ඇති බවයි.