2023 සැප්‍තැම්‍බර් 21, ප.ව. 4:44
කතරගම දෙවියන්ට පින් පිණිස රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකරන සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයට මුල්ගල තැබීම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) සිදු වුණා.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ අදහසකට අනුව රුපියල් මිලියන 150 ක පිරිවැයක් වැය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ව්‍යාපෘති කළමනාකරණය හා ඉදිකිරීම් සිදුකරන මෙම ව්‍යාපෘතිය මාස 8 කින් නිම කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ප්‍රමුඛ පංච මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද කොබවක ධම්මින්ද නාහිමියන්, කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති ශ්‍රී පූජාද කපුගම සරණතිස්ස නාහිමියන්, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යාපා, ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13