hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:05



සමගි ජන බලවේගයේ බටහිර – කොළඹ ප්‍රධාන සංවිධායක ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනියක ලෙස කටයුතු කරන අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය පත් කර තිබෙනවා.

අප්සාරි තිලකරත්න මහත්මිය සමඟ ඇයගේ සැමියා වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය සමඟ එක්වුණා.

 ඇය සිය ධූරයට පත් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අප්සාරි සිංහබාහු තිලකරත්න ප්‍රකාශ කළේ විවිධ ග්‍රාමීය ප්‍රදේශවල තරුණියන් හඳුනාගෙන ඔවුන්ට ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට උපකාර කිරීම තම කාර්යභාරයට ඇතුළත් බවයි.

සමඟි ජනබලවේගයේ බටහිර කොළඹ සංවිධායක ලෙස  ඇයගේ වගකීම් ඉටු කිරීම සඳහා 2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට අදහස් කරන බව ද අප්සාරි තිලකරත්න මහත්මිය මෙහිදී සඳහන් කළා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: