2026 මැයි 12, ප.ව. 3:28
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරල් Nayyar Naseer HI (M), (විශ්‍රාමික) මහතා ඊයේ (මැයි 11) නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය කාර්යාලයේදී හමුවිය.
මෙහිදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයා වෙත ශ්‍රී ලංකාවේ සිය රාජ්‍යතාන්ත්‍රික සේවාව සාර්ථකව කරගෙන යාමට සුබ පැතුම් එක් කළේය.
දෙපාර්ශ්වය අතර පැවැති මෙම සුහද සාකච්ඡාවේදී අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ වැදගත්කම අවධාරණය කලේය.
ආරක්ෂක සහයෝගීතාව, පුහුණු අවස්ථා සහ කලාපීය ආරක්ෂක සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත්හ.
තවද, ආපදා කළමනාකරණය ජාතික ආරක්ෂාවේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති බව දෙපාර්ශවයම පිළිගත් අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන ආපදාවන්ගේ වර්ධනය සැලකිල්ලට ගනිමින්, ක්‍රියාකාරී මනා සම්බන්ධීකරණයකින් යුත් සහ තාක්ෂණය පදනම් කරගත් ප්‍රතිචාර දැක්වීමක ඇති වැදගත්කම ද මෙහිදී තවදුරටත් පෙන්වා දෙන ලදී.
එමෙන්ම, දේශසීමා ඉක්මවා යන සමුද්‍රීය අපරාධ, විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මතුවෙමින් පවතින තර්ජනයන් පිළිබඳව ද අවධානය යොමු විය.
මෙම අභියෝග සදහා සාර්ථකව මුහුණ දීම සඳහා තවදුරටත් තාක්ෂණික සහ සහයෝගීතා සහාය අවශ්‍ය බව දෙපාර්ශවයම පිළිගත්හ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පාකිස්තාන ආරක්ෂක උපදේශකවරයා ද සහභාගී විය.
2026 මැයි 12, ප.ව. 1:38
2026 මැයි 12, ප.ව. 1:33
2026 මැයි 12, ප.ව. 1:29
2026 මැයි 12, ප.ව. 12:09
2026 මැයි 12, පෙ.ව. 10:29