2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:04
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඉදිරි වසර 35ක කාලයක් යනතුරු දේශපාලන වශයෙන් අභියෝග කළ හැකි කිසිදු නායකයෙකු මෙරට දේශපාලන කරළියේ නොමැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා සතු බුද්ධිය සහ රට කෙරෙහි පවතින අසීමිත ලැදියාව අගය කළ අමාත්‍යවරයා, ඔහු උතුම් ජනාධිපති ලෙස හැඳින්වීමට ජනතාව පුරුදු විය යුතු බව අවධාරණය කළේය.
ඉදිරි වසර 25, 30 හෝ 35ක කාලයක් යනතුරු ජනාධිපතිවරයා සමඟ දේශපාලන වශයෙන් තරග කර ජයග්‍රහණය කළ හැකි නායකයෙකු සිටී නම් ඔහු කවුදැයි පෙන්වන ලෙස අමාත්‍යවරයා මෙහිදී විපක්ෂයට අභියෝග කළේය. එවැනි කිසිදු නායකයෙකු වර්තමානයේ නොමැති බවත්, ජනාධිපතිවරයාගේ දේශපාලන ගමන්මග අතිශය ශක්තිමත් බවත් ඔහු පෙන්වා දුන්නේය.
වත්මන් රජය විසින් ගොඩනගා ඇති ශක්තිමත් මහජන පදනම හමුවේ විපක්ෂය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
“අපි හදපු මේ ශ්‍රේෂ්ඨ මහජන ආණ්ඩුවේ ශක්තියෙන් විපක්ෂයට මොකද කළේ? ඔවුන්ව පාර්ලිමේන්තුවේ පුටු ටිකට හේත්තු කරලා සීල් තියලා ඉවරයි. ඔවුන්ට ආයෙත් මේ රටේ දේශපාලනයක් නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
25-08-26
25-08-26
17-08-26
17-08-26
11-08-26
11-08-26
09-08-26
09-08-26
05-08-26
05-08-26
04-08-26
04-08-26
28-07-26
28-07-26
22-07-26
22-07-26
21-07-26
21-07-26
17-07-26
17-07-26
12-07-26
12-07-26