hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:04



ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන ක්ලෙයා ඔ’නීල් විසින් අද දින වසර 10ක් සඳහා වූ සංක්‍රමණික සැලැස්ම එළිදක්වමින් කියාසිටියේ එළැඹෙන වසර දෙක තුළදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩක් දක්වා අඩු කිරීමට එරට රජය තීරණය කර ඇති බවයි.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ 2025 වසරේ ජුනි මාසය වනවිට එරටට පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ සංක්‍රමණිකයින් 250,000කට පමණක් බවත් එම සංඛ්‍යාව කොවිඩ් වසංගතයට පෙර පැවති සංඛ්‍යාවට සමාන බවයි.

ඒ අනුව දෙස් රටවලින් පැමිණෙන ශිෂ්‍යයින්ට සහ අඩු පුහුණු ශ්‍රමිකයින් සඳහා වීසා නීති දැඩි කිරීමට ද එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: