hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 18, පෙ.ව. 12:02



ගෙවුණු වසර 5 තුළ මෙරට දරු උපත් සංඛ්‍යාව ලක්ෂයකට වැඩි අගයකින් පහළ ගොස් ඇති බව නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මරණ සංඛ්‍යාව ද සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇති බවයි

මෙම තත්ත්වය මත මහලු ප්‍රජාව වැඩි වී තරුණ ප්‍රජාව අඩුවීම හරහා රටේ ශ්‍රම බලකායේ අඩුවක් සිදුවිය හැකි බවට ද වෛද්‍යවරුන් අනතුරු අඟවනවා.

2017 වසරේදී මෙරට තුළ සිදුව ඇති දරු උපත් සංඛ්‍යාව තුන් ලක්ෂ විසිපන්දහසක්.

එය 2023 වසරේ දී දෙලක්ෂ හතළිස් හත්දහස දක්වා පහළ ගොස් තිබෙනවා.

එමෙන්ම 2017 වසරේදී වාර්ෂික මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හතළිස් දහසක අගයක පැවතුණත් එය 2023 වසර වන විට එක්ලක්ෂ අසූඑක්දහස දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් විසින් පසුගිය වසර 5 සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයකින් මේ බව සනාථ වී ඇති බව සඳහන්.

නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදීද රටේ ශ්‍රම බලකායේ අඩුවක් සිදුවිය හැකි අතර එය ආර්ථිකය ද බලපෑමක් එල්ල කරනු ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: