hit counter

2025 ඔක්‍තෝබර් මස 29 වන බදාදා

2022 ජූලි 06, පෙ.ව. 10:24



යාපනය පොන්නාලෙයි බටහිර ප්‍රදේශයේ පදිංචි පවුලක අවුරුදු එක හමාරක් වයසැති කුඩා දැරියක් ගෙමිදුලේ තිබූ වතුර බාල්දියකට වැටීමෙන් පෙරේදා (04) සවස මියගොස් ඇතැයි වඩුකොඩ්ඩෙයි පොලීසිය පවසනවා.

අදාළ දැරිය සිය මව සමග නිවසේ සිට ඇති අතර මව නිවසේ මුලුතැන්ගෙයි ආහාර පිසමින් සිටින අවස්ථාවේදී දැරිය ගෙමිදුලෙ සෙල්ලම් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී දැරිය මිදුලේ වතුර පුරවා තිබූ ප්ලාස්ටික වතුර බාල්දියක් සමීපයට ගොස් එහි වතුර සමග සෙල්ලම් කරමින් සිටයදී වතුර බාල්දියට වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් මව ආහාර පිස මිදුලටවිත් දැරිය සොයා බැලීමේදී දැරිය වතුර බාල්දියට වැටී ඇති බව දුටු මව වහාම දැරිය ගෙන උදව් ඉල්ලා කැගැසීමෙන් පසුව අසල්වාසීන්ද එක්ව දැරිය මූලායි රෝහලට රැගෙන ගියද ඒ වන විටත් දැරිය මිය ගොස් සිට ඇති බවයි රෝහල් වෛද්‍යවරුන් පවසා ඇත්තේ.